අපේ මහත්තයා වෙලාවකට හරිම ලෝභයි අනේ. හැබැයි අපරාදේ කියන්න බැහැ ඒ ලෝභ කම එයාට යමක් මිලදී ගන්න ගියහම තමයි.
“හපෝ නෝනේ, ඔය ගානට මේ කලිසම කොහොමත් වටින්නේ නැහැ, යන් යන් අර අනිත් රෝ එකට යං”
“හප්පා මේ ෂර්ට් එක අරං මං කොහේට අඳින්නද? අපේ ඔෆිස් එකේ එවුන් බලයි මට හතර මහා නිධානේ පහළ වෙලාද කියලා”
“මේස්? මේ මේස්ද? මං හිතුවා මොකක් හරි වෙන වටිනා දෙයක් කියලා, ඇයි බොලේ තව කීයක් හරි දැම්මා නං ඔයාට සාරියක් ගන්න පුළුවන්නේ”
ඔන්න ඔහොමයි එයාට ඇඳුම් ගන්න ගියහම මට ඉදිරිපත් කෙරෙන ප්රශ්න. මං දහ අතේ කල්පනා කලා මේකට මොකද කරන්නේ කියලා. පස්සේ ඔය දහ අතින් එක අතකින් මට හොඳයි කියලා හිතෙන විදිහේ අදහසක් ලැබුණා.
අපි දවසක් ගියා එයාට සපත්තු ජෝඩුවක් ගන්න.
ඇත්තටම මටත් ටිකක් ‘බුදු අම්මෝ’ කියලා කියැවෙන්න කියැවෙන්න ආවා තමා ඉතිං. ඒත් මොකද මහත්තයා ලස්සනට ඉන්නත් එපැයි.
මට ඕනේ වුනේම දැක්ක ගමන් මගේ හිත ගිය සපත්තු ජෝඩුව ගන්න. ඒක රු.2599.99 යි. මං කිව්වානේ අපේ මහත්තාගේ සොභාවේ.
“මේ නෝනේ.......... මං සැරයක් කිව්වා. මට නං නැහැ සල්ලි ඔය හැටි වියදං කරන්න”
“අනේ ඉතිං මේ අහන්නකෝ. මෙතැනින් පොඩ්ඩක් වාඩි වෙන්නකෝ. දෙන්න ඔය ෆෝන් එක. මං ගානක් හදලා පෙන්නන්නද?”
“මෙන්න.............. ඒ පාර මොකද?”
“මෙහෙමයි මේ 2599.90 සපත්තු දෙක ඔයාට දාන්න පුළුවන් බය නැතුව මාස 6ක් නේද?”
“හ්ම්”
“2599.99/(6x30) = 14.44යිනේ.
ඉතිං එක දවසකට රු.14.50යිනේ.
ඔයා ගන්න යන 899.90 සපත්තු දෙක දාන්න පුළුවන් මාස දෙකයි.
899.90/(6x30) = 14.99යි.
දවසට රු.15යි.
ඉතිං මං කියන දෙක ගත්තහම ඔයාට වාසි දෙකයිනේ.
එකක් හැන්ඩියා වගේ ගමන බිමන.
අනික දවසට සත 50ක වාසියකුත් තියෙනවා. මොකද කියන්නේ?”
හප්පේ බලන්න එපැයි පහුවදා මගේ මහත්තයාගේ ලස්සන.
මේ අපේ කථාව පෙළ ගැස්සුවේ: අපේ නෝනා