නෝනා ඊයේ මට කියනවා මෙන්න මෙහෙම.
“විලියම් කුමාරයා මේ මාසේ බඳිනවානේ”
මං ඇහැව්වා මෙන්න මෙහෙම.
“ආ ඇත්තද?”
“ඔව් අනේ. දන්නවද එයාලාව ෆොටෝ ගන්නවාලු බර ගානක්. ෆොටෝ විතරක් මිලියන 327ක් කියලා කියනවා.”
මගේ ඇස් උඩ ගියාද කොහෙද, හුස්මත් නතර වුනා.
“ඈ? මිලියන 327ක්? ෆොටෝ මිලියන 327ක්?”
නෝනා කියනවා තවත් එව්වා.
“එයාලා මොන තරම් පිං කරලා ඇද්ද නේද?”
“පිං දත් කියලා අහනවා නෝනේ. කැමරාකාරයෝ ප්ලේන් ටිකට් අරං, අතින් වියදම් කරන් ඇවිත් ෆොටෝ ටික ගහලා දෙන එකම මදෑ”
නෝනාට බරටම හිනා. මටත් හිනා තමයි. මෙව්වාට කියන්නේ මොන හිනාද මන්දා. අපිත් රජගෙදරක ඉපදුනා නං............. කියලා හිතුනා මට ඒ වෙලාවේ. පිංතූරු ඇල්බම් එකට රු.60,000ක් වියදම් කරන එකත් ලේසී පාසු කජ්ජක් නොවුනු කොට.
මේ ගැන විස්තර මෙතැන තියෙනවා
මේ අපේ කථාව පෙළ ගැස්සුවේ: අපේ මහත්තයා
4 comments:
බත් ඇති තැනටම ලූ කොස්.... ඒ විතරක්යෑ ඒ දෙකම ඇති තැනටලු පාන්........... කියන්නේ මෙව්වට වෙන්ඩෑ...
ෆොටෝ මිලියන 327ක්?
අපෙ අප්පේ!!! එච්චර?
රජ ගෙවල් වල ගන්න වෙඩිම් වල අන්තිමේ ඉතුරු වෙන්නෙ ෆොටෝ විතරනේ. ඒකයි ඔච්චර ෆොටෝ ගන්න හේතුව. :D
අපේ කථාව ගැන ඔබේ කථාව පැවසූ ඔබ සැමට ස්තූතියි. අනුරාධ කියන එකෙත් ඇත්තක් නැත්තෙත් නැහැ කියලා හිතෙනවා චාල්ස් ඩයනා ගැන හිතුවහම. හැබැයි පිලිප් කුමාරයයි මහා රැජණයි ගැන හිතුවහම එහෙම හිතෙන්නෙත් නැහැ අප්පා. බලමුකෝ මේ දෙන්නා මොනවා කරයිද කියලා.
Post a Comment
අපේ කථාව ගැන ඔබේ කථාව